සැමට සාධාරණ අලුත් රටක් ගොඩනගමින් ඉන්නවා - අැමති කරු | දිනමිණ

සැමට සාධාරණ අලුත් රටක් ගොඩනගමින් ඉන්නවා - අැමති කරු

අසංක බණ්ඩාර
ජාති,ආගම්,පක්ෂ,කුලමල වශයෙන් කිසිවෙකුට අසාධාරණයක් නොවන අලුත් රටක් යහපාලනය වෙනුවෙන් දැත එසවූ ජනතාවගේ අපේක්ෂාව වූ බව රාජ්‍ය  පරිපාලන හා පළාත් පාලන හා ප‍්‍රජාතන්ත‍්‍රීය පාලන අමාත්‍ය කරු ජයසූරිය පවසයි.
 
අමාත්‍යවරයා පවසන්නේ විවිධ බාධක මතුවුවද එවැනි රටක් බිහි කිරීම උදෙසා නව දේශපාලන සංස්කෘතියක් ගොඩනඟමින් තිබෙන බවයි.
 
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය පරිපාලන,පළාත් පාලන හා ප‍්‍රජාතන්ත‍්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යංශයේ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අංශයේ ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක තුන්වන ශ්‍රේණියේ නවක නිලධාරින් 88 දෙනෙකුට පත්වීම් ලිපි ප‍්‍රධානය කිරීම වෙනුවෙන් අද රාජගිරියේ පිහිටි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු ශ‍්‍රවනාගාරයේදී පැවති උත්සවයේදීය.
 
මෙම අවස්ථාව අමතමින් ඇමති කරු ජයසූරිය  වැඩිදුරටත් කියා සිටියේ, ජාතික ඒකාබද්ධතා සම්බන්ධිකාරක තනතුර සිංහල, දෙමළ ජාතීන් අතර සම්බන්ධය තහවුරු කිරීම සඳහා සුවිශල් මෙහෙවරක් කළ හැකි රැකියාවක් පමණක් නොව විශාල සමාජ සේවයක් සැපයීමට ලැබෙන අවස්ථාවක්  බවයි.

නව අදහස දක්වන්න