සරසවි සිසු විරෝධතා අදත් | දිනමිණ

සරසවි සිසු විරෝධතා අදත්

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව විසින් පවත්වන උද්ඝෝෂණයක් නිසා මේ වන විට කොළඹ කොටුව ආශ්‍රිතව මේවන විට රථවාහන තදබදයක් හටගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ මේ සඳහා 1500ක පමණ පිරිසක් එක්ව සිටින බවයි.

ඔවුන් පිටකොටුව, ඕල්කට් මාවත ප්‍රදේශයේ සිට කොටුව දුම්රිය ස්ථානය දක්වා පා ගමනින් මේවන විට පැමිණෙමින් සිටින බවද පොලීසිය පැවසීය.

‍මාලඹේ පෞද්ගලික විද්‍යාලය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාවය ක්‍රියාත්මක වන බව සඳහන්ය.

මේ අතර නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන ලෙසට රජයට බල කරමින් යාපනය විශ්ව විද්‍යයායලයේ වෛද්‍ය පීඨයේ සිසුන් අද යාපනය නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත වූහ.

යාපනය පලාලි මාර්ගයේදී වෛද්‍ය පීඨයේ සිසුන් විසින් ආරම්භ කළ මෙම උද්ඝෝෂණය පළමුව විරෝධතා පුවරු හා බැනර් ප්‍රදරණය කරමින් පාගමනින් යාපනය ශික්ෂණ රෝහල දක්වා ගමන් කරනු ලැබූ අතර පසුව වෛද්‍ය පීඨයේ සිසුන්ට යාපනය විශ්ව විද්‍යාලයේ අනෙකුත් පීඨයන්හි සිසු සිසුවියන් පිරිසක්ද එක් වූහ.

උද්ඝෝෂණයේ නිරත වූවන් කියා සිටියේ මාලඹේ පෞද්ගලික විශ්ව විදයාලය ඇතුළු අධ්‍යාපනය පෞද්ගලීකරණය තුලින් රටේ නිදහස් අධ්‍යාපනයට දැඩි බලපෑමක් එල්ල වන බවයි.

දිනෙන් දින දුප්පත් දක්ෂ සිසු සිසුවියන්ගේ අනාගතය විනාශ වන බවද ඔවුහු සඳහන් කරයි.

මෙම අවාසනාවන්ත තත්ත්වය තේරුම්ගෙන වත්මන් පාලකයින් මෙන්ම අධ්‍යාපන බලධාරීන් එක්ව මෙරට නිදහස් අධ්‍යායපනය සුරැකිරීමට වහාම පියවර ගත යතු බවද පවසයි.

උද්ඝෝෂණය සඳහා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් හත්සියයකට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.

(වවුනියාව උතුර සමූහ -බන්දුල සෙනෙවිරත්න) 

 

 

නව අදහස දක්වන්න