ලොව විශාලතම නිල් මැණික ඇලහැරින් | දිනමිණ

ලොව විශාලතම නිල් මැණික ඇලහැරින්

ලොව විශාලතම නිල් මැණිකට වඩා විශාලත්වයෙන් යුත් බවට සැලකෙන තවත් නිල් මැණිකක් ඇලහැර ප්‍රදේශයෙන් හමුවී තිබේ.

ඒ බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුට වන අතර මෙම නිල් මැණික කැරට් 2476.66 කින් යුක්තයි.

එහි බර ග්‍රෑම් 482 ක්. 

මීට පෙර මෙරට පුද්ගලයකු විසින් මිළදී ගෙන තිබු නිල් මැණිකේ බර ග්‍රෑම් 281 ක් ලෙසටයි සටහන් වුයේ. 

එම මැණික කැරට් 1404 කින් යුක්තයි. 

කෙසේ වෙතත් එහි හිමිකරුවා මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔහු අදාළ නිල් මැණිකේ වටිනාකම ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ ඩොලර් මිලියන 300 ක්. 

එම නිල් මැණිකට වඩා විශාලත්වයෙන් යුත් ඇලහැර ප්‍රදේශයෙන් හමුවු නිල් මැණික හිමිකරුවා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් ද මැණික් ව්‍යාපාරිකයන් බවයි වාර්තා වන්නේ. 

මෙම මැණිකේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.

 

නව අදහස දක්වන්න