අළුත් පක්ෂයක් මහින්දගෙන් ද ? | දිනමිණ

අළුත් පක්ෂයක් මහින්දගෙන් ද ?

ලබන පළාත් පාලන මැතිවරණයට පෙර ඒකාබද්ධ විපක්ෂය හා එක්ව නව දේශපාලන පෙරමුණක් ස්ථිර වශයෙන්ම බිහිවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

අද කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

විමල් වීරවංශ එහි දී සදහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඒ පිළිබඳව ඉඟියක් ඉකුත් දා ලබා දුන් බවයි.

ඉදිරි මාස දෙකේ දී ඒ පිළිබඳව දැනගත හැකි වනු ඇතැයි සදහන් කළේය.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමගම නව දේශපාලන පෙරමුණක් බිහිවීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වනු ඇතැයි ද තවදුරටත් ඔහු කීවේය.

 

 

නව අදහස දක්වන්න