විදුහල්පතිනියකට විරෝධය පා දෙමව්පියන් පිරිසක් දක්‍ෂිණපායට | දිනමිණ

විදුහල්පතිනියකට විරෝධය පා දෙමව්පියන් පිරිසක් දක්‍ෂිණපායට

අසංක බණ්ඩාර
තාවකාලික පදනම මත ස්ථාන මාරුවිමක් ලැබ සිටි ගාල්ල මිලිද්දුව කොන්ගහ මුස්ලිම් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිණිය නැවතත් එම විදුහලටම මාරුකිරීමට එරෙහිව විරෝධය පළකල දෙමාපියන් පිරිසක් දකුණු පළාත් අධ්‍යපන අමාත්‍යංශය වෙත පැමිණ එම අමාත්‍යංශ ලේකම් වයි.වික්‍රමසිංහ හමුවී ඒ පිළිබද සිය අප්‍රසාදය පලකොට සිටියහ.
 
මුල්‍යමය හා පරිපාලනමය අක්‍රමිකතා පිළිබද කෙරෙන විනය පරික්ෂණයක් හේතුවෙන් අදාළ විදුහල්පතිනිය ගාල්ල දිස්ත්‍රික්කයේ එක්තරා දේශපාලන බලවතකුගේ ඉල්ලිමට අනුව අදාල පරික්ෂණය පැවැත්වෙන අතරතුර යළි මාරුව ලබා දී ඇති බවයි දෙමව්පියන් පවසන්නේ.
 
එකි පරික්ෂණ පැවැත්වෙන කාලය තුළදි නැවතත් පාසලට විදුහල්පති ලෙස පත්කරයැවිමෙන් පැවැත්වෙමින් තිබෙන පරීක්ෂණ කටයුතු වලට බාධා පැමිණෙන බවයි ඔවුන් විසින් ලේකම්වරයාට කරුණුදක්වා සිටියේ.
 
අනතුරුව දෙමාපිය පිරිස විසින් කල පැමිණිල්ල පිළිබද සළකා බැලු පළාත් අධ්‍යාපන ලේකම්වරයා අදාල විදුහල්පතිතුමිය ඇයට එරෙහිව පවතින පරීක්ෂණ නිමවනතුරු අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්තව තබාගැනිමට නියෝගකලේය.
 

අදහස් 1ක් ඇත

Muslim samajaye pranamaya

නව අදහස දක්වන්න