අනතුර බලන්න ගිහින් අනතුරක | දිනමිණ

අනතුර බලන්න ගිහින් අනතුරක

අසංක බණ්ඩාර

ත‍්‍රීරෝද රථයක් හා මෝටර්රථයක් අනතුරට ලක්වීමෙන් ත‍්‍රීරෝද රථයේ ගමන්ගත් තිදෙනෙකු අද පස්වරුවේ ලිදුල රෝහලට ඇතුලත් කර තිබේ.

එම අනතුරින් තුවාල ලැබූ කුඩා ළමයෙකුගේ තත්ත්වය බරපතල බවයි ලිදුල රෝහලේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ.

ලිදුල ප‍්‍රදේශයේ සිදු වු ඉන්ධන ප‍්‍රවාහන බවුසරයක් හා බස්රථ අනතුර දැක බලා ගැනීමට ගිය පිරිසකුයි එලෙස අනතුරට ලක්ව ඇත්තේ.
 
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග නුවරඑළිය, හැටන් ප‍්‍රධාන මාර්ගයත් හැටන්, කොළඹ ප‍්‍රධාන මාර්ගයත් ලිස්සන සුළු බැවින් එම මාර්ගවල වාහන ධාවනය කිරීමේදී ඉතා සැලකිළිමත් ලෙස රිය ධාවනය කරන මෙන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නව අදහස දක්වන්න