රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් පැමිණිල්ලක් | දිනමිණ

රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් පැමිණිල්ලක්

රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් පසුගිය දා කොළඹ දී පැවැති උද්ඝෝෂණයේ දී තිදෙනෙතු අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද දින (19) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. 

ඒ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින්.

මෙම අවස්ථාවට නීතිඥ චතුර වෙත්තසිංහ ද සම්බන්ධ විය.

රැකියාව අයිතියක්, සියලු උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමිනුයි මෙම පිරිස අගමැතිවරයාට සංදේශයක් බාරදීමට පා ගමනින් අරලියගහ මන්දිරයට පිවිසීමට උත්සහ කලේ.

එහි දී පොලීසිය විසින් එල්ල කළ ඇමෝනියා මිශ්‍ර කුණු ජල ප්‍රහාරයක් සහ කදුළු ගෑස් ප්‍රහාරයට එල්ල කල බව ද ඔවුන් පවසයි.

අනතුරුව තම සංගමයේ සහෝදරියන් දෙදෙනෙක් සහ සහෝදරයකු අත්තනෝමතික අන්දමින් අත්අඩංගුවට ගත් බව ද  මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කල පැමිණිල්ලේ සදහන්.

 

නව අදහස දක්වන්න