අසරණ දරුවාට කුලියාපිටියේ සැලකීම | දිනමිණ

අසරණ දරුවාට කුලියාපිටියේ සැලකීම

H.I.V ආසාදිත බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් පාසලට පැමිණීමට නොහැකිව සිටි කුලියාපිටිය සංඝබෝධි ප්‍රාථමික විද්‍යාලයේ දරුවා ඉන් ඉවත් කර ගත්තේය.

අදාළ දරුවාට H.I.V ආසාදනය වී නොමැති බවට කරුණු පහදා දීම සඳහා සෙසු පාසල් දරුවන්ගේ දෙමව්පියන් සහ සෞඛ්‍යය බලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්විණ.

එහිදී සෞඛ්‍යය බලධාරීන් දෙමව්පියන් වෙත කරුණු පහදා දීමට දැඩි වෙහෙසක් ගෙන ඇති නමුත් දරුවා තවදුරටත් පාසලේ රැඳී සිටීමට එරෙහිව සෙසු දෙමව්පියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

සෙසු දෙමව්පියන් වෙතින් දිගින් දිගටම එල්ල වූ දැඩි විරෝධය හමුවේ දරුවා පාසලෙන් ඉවත් කර ගන්නා බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ ඉන් අනතුරුවයි.

 

 

 

 


නව අදහස දක්වන්න