ගුවන් නිළධාරියාට අහස අහිමි වෙයි | දිනමිණ

ගුවන් නිළධාරියාට අහස අහිමි වෙයි

යුද හමුදා පැරෂුට් පුහුණු වීම් වලට අදාල පෙර පුහුණුවීම් වල යෙදී සිටි හමුදා නිළධාරියෙකු හදිසියේ රෝගී වී හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය ගොස් තිබේ.

කුඩා ඔය යුද හමුදා කඳවුරේදී එසේ පුහුණුවීම් වල යෙදි සිටියදී රෝගාතූර වී මියගියේ නෑබඩ නාහල්ල සද්දම්ගොඩ පදිංචි සුපුන් සම්පත් විතානගේ (26) නැමති ලුතිනන් වරයායි. 

හදිසියේ රෝගාතූරවූ ඔහු තණමල්විල රෝහලට ඇතුළත් කොට එහිදී මුලික ප්‍රතිකාර ලබා හම්බන්තොට රෝහලට මාරුකොට යැවීමෙන් පසු එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

හම්බන්තොට මහරෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.කේ.එස් කෝරළගේ මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක වරයා මෙම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දුන්නේය.

(වීරකැටිය සමූහ ඒ.ටී. කහඳුගොඩ)

 

 


නව අදහස දක්වන්න