මහ දවල් ලක්ෂ 15ක් කොල්ලකයි | දිනමිණ

මහ දවල් ලක්ෂ 15ක් කොල්ලකයි

ජා-ඇළ නගරයේ මුල්‍ය ආයතනයක රුපියල් ලක්ෂ 15ක මුදලක් කොල්ල කා ඇතැයි පොලීසිය පවසයි.

ආයතනයේ මුදල් අයකැමි වාහන අංගනයේ තිබු වාහනයට යමින් සිටියදි පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිහියකින් ඇක මුදල් කොල්ල කා පළාගොස් ඇත.

කොල්ලකරුවන් යතුරු පැදියකින්  පළා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මුදල් අයකැමි තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර ඇති බවත් පොලීසිය පවසයි.

සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජා-ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 


නව අදහස දක්වන්න