BIG MATCH - රථයක් පෙරලී 6කට තුවාලයි | දිනමිණ

BIG MATCH - රථයක් පෙරලී 6කට තුවාලයි

කොළඹ නගරයේ ප්‍රධාන පාසලක සිසුන් පිරිසක් රැගත් ජීප් රථයක් පෙරළීමෙන් එහි ගමන් කළ 06දෙනෙකුට තුවාල සිදුවිය.

අදාළ පාසලේ පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව සංවිධානය කර තිබූ රථ පෙළපාලියකට සහභාගි වූ පිරිසක් රැගත් ජීප් රථයක් කොළඹ පුස්තකාල වටරවුම ආසන්නයේදි අනතුරට ලක්විය.

අද පෙරවරුවේ අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ජීප් රථයේ සිසුන් 13 දෙනෙකු ගමන් කර තිබේ.

අනතුරින් තුවාල ලැබූ සිසුන් ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

 

අදහස් 1ක් ඇත

Ysai ohomama wenna oni. apee ratee sadacharaya nethi karana ewun.

නව අදහස දක්වන්න