හොරොව්පතානේ ඝාතකයා සොයා විමර්ශන | දිනමිණ


 

හොරොව්පතානේ ඝාතකයා සොයා විමර්ශන

අසංක බණ්ඩාර

හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ දියණිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇගේ සැමියා සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මියගිය තරුණියගේ ස්වාමිපුරුෂයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

අදළ සිද්ධියට හේතුව පවුල් ආරවුලක් වන අතර සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.

ගලෙන්බිඳුනුවැව, අක්කරවිස්ස ප්‍රදේශයේ සිය නිවසේ සිටියදී අද(26)අලුයම මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳට සහ දියණියට මෙලෙස පහරදී ඇති අතර තුවාල ලැබූ ඔවුන් අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී දියණිය මියගොස් ඇති බව ද සදහන්.

සිද්ධියෙන් මිය ගිය කාන්තාවගේ මව ද තුවාල ලබා ඇති අතර ඇය මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

 

 

 

නව අදහස දක්වන්න