අවසන් කටයුතු JVP මැදිහත් වීමෙන් | දිනමිණ

අවසන් කටයුතු JVP මැදිහත් වීමෙන්

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහගේ අවසන් කටයුතු පක්ෂය මැදිහත් වීමෙන් උපරිම ගෞරව සහිතව සිදු කරන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී ලාල්කාන්ත පැවසීය.

අද පැවැති මාධ්‍ය හමුවක දී ඔහු පැවසුවේ පසුගිය වසරේදී මතවාදී ගැටුමක් නිසා පක්ෂයෙන් ඉවත් වුවද ඔහු හිටපු නායක රෝහණ විජේවීර සහෝදරයාගේ මරණයෙන් පසු පක්ෂය නැවත නඟා සිටුවීමේ සිට පක්ෂය ජනතාව අතරට ගෙන යෑමට සුවිශේෂී කාර්යයක් කළ බවයි.

මේ එහි දී තවදුරටත් අදහස් දැක් වූ කේ.ඞී ලාල්කාන්ත - 

‘ඔහු මේ රටේ අනෙක් දේශපාලකයන් වගේ වුණේ නැහැ. සෑමවිටම ජනතාව වෙනුවෙන් අරගල කළා. 

ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා. සෝමවංශ අමරසිංහ මහතා 1965 දී පක්ෂය ආරම්භ කළ අවස්ථාවේදීත්, 1971 කැරැල්ලෙන් පසු 1989 කැරැල්ලෙන් හා එවකට නායක රෝහණ විජේවීර සහෝදරයාගේ ඝාතනයෙන් පසු ඔහු පක්ෂය වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයක් කළා‘ 

පක්ෂය ලෙස අමරසිංහට අවසන් ගෞරව දැක්වීම සඳහා කළ හැකි සෑම කටයුත්තක්ම සිදු කරන බවද අවසන් කටයුතු පක්ෂය මැදිහත් වීමෙන් සිදු කිරීමටත් හැකි උපරිම ගෞරව දැක්වීමටත් තීරණය කර ඇති බවද ඔහු කීවේය.  

 


නව අදහස දක්වන්න

Or log in with...