මන්ත්‍රී රෝහිත බැරියරයට හිරවී රෝහලේ | දිනමිණ

මන්ත්‍රී රෝහිත බැරියරයට හිරවී රෝහලේ

මහ බැංකු අධිපතිට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ රැලියකට එක්ව සිටි හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන යකඩ බැරියරයකට හිරවී තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මන්ත්‍රීවරයා විසින් පොලිස් මාර්ග බාධකයක් පසුකර යෑමට උත්සහ කළ අවස්ථාවේදී මෙලෙස අනතුරකට ලක්ව ඇත.

මේ අතර එම විරෝධතාවට එක්ව සිටි මන්ත්‍රිනී ශ්‍රියාණි විජේවික්‍රම බිම ඇඳ වැටී රෝහල්ගත කර තිබේ. 

මෙම විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් කොළඹ කොටුව-ලේක් හවුස් අවට ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද  පවතී.

මහ බැංකු අධිපතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරය මේ වන විටත් කොළඹ කොටුවේ පැවැත්වෙයි.

 


අදහස් 2ක් ඇත

ane raththarane mokdda me kragaththe

නව අදහස දක්වන්න