ශිෂ්‍ය මර්දනය වහාම නවත්වන්න | දිනමිණ

ශිෂ්‍ය මර්දනය වහාම නවත්වන්න

නිදහස් අධ්‍යාපනය රැකගැනීමට කටයුතු කරන ශිෂ්‍ය නායකයන්ශිෂ්‍ය ව්‍යාපාරය වහාම නවතා දැමීමට කටයුතු කළයුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

නිවේදනයක් නිකුත්කරමින් එම පක්ෂය පවසන්නේ පසුගිය ආණ්ඩුවසේම වර්තමාන ආණ්ඩුවත් නිදහස් අධ්‍යාපනයේ අයිතීන් කප්පාදු කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

මේ නිසා මෙම ක්‍රියාව වහාම නවතා දමන ලෙසට සියලුම ජනතාව පෙරට ආ යුතු බවද එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද නිකුත්කල නිවේදනයේ සඳහන්.

ලංකාව පසුගිය කාලය පුරාමත්, වර්තමාන කාලයේදීත් අනුගමනය කරමින් තිබෙන ප්‍රතිපත්තිය වී තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීම බවත්, මෙම ක්‍රමයට එරෙහිව ශිෂ්‍යයන් කටයුතු කරන විට ඔවුන් දැඩි ලෙස මර්දනය කරමින් සිටින බවද එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

 

නව අදහස දක්වන්න