නිලවරණයේ දී දෑලට සහය - නිළමේවරුන්ගේ සංගමය | දිනමිණ

නිලවරණයේ දී දෑලට සහය - නිළමේවරුන්ගේ සංගමය

අසේල කුරුළුවංශ
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ධූරය ඉදිරියේ පැවැත්වීමට නියමිත නිලවරණයේදී ඊට ඉදිරිපත්වන ප්‍රදීප් නිලංග දෑලට පූර්ණ සහයෝගය දැක්වීමට බස්නායක නිළමේවරුන්ගේ සංගමය තීරණය කර ඇත.
 
එම සංගමය රැස්ව මේ සඳහා යෝජනාවක්ද සම්මත කරගෙන තිබේ.
 
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම මාධ්‍ය හමුවට එම සංගමයේ නියෝජිතයින් 25 දෙනකු සහභාගිවී සිටියහ.
 
විහාර දේවාළගම් ආඥා පනතට අනුව ගැසට් කර ඇති මෙරට දේවාළ 32 ක  බස්නායක නිළමේවරු 30 කු බස්නායක නිළමේවරුන්ගේ සංගමය නියෝජනය කරයි.
 

නව අදහස දක්වන්න