සිසු මරණයට සැක පොලිසියේ 05ක් අත්අඩංගුවට | දිනමිණ

සිසු මරණයට සැක පොලිසියේ 05ක් අත්අඩංගුවට

යතුරු පැදිය අනතුරට ලක්වීමෙන් සරසවි සිසුන් දෙදෙනෙකු මියගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ 05දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගේ වැඩ ද තහනම් කළ බව ද වාර්තාවේ.

මේ අතර සරසවි සිසුන් දෙදෙනාගේ මරණය වෙඩි වැදීමකින් සිදුවූවක් ද යන්න සෙවීමට රහස් පොලිසිය කැඳවා ඇති බව ද සදහන්.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය යාපනයේ දී දැන් පැවැත්වේ. 

සරසවි සිසු මරණ ගැන විශේෂ විමර්ශනයක් - update

යතුරු පැදිය අනතුරට ලක්වීමෙන් සරසවි සිසුන් දෙදෙනෙකු මියගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතර යාපනය සරසවි සිසුන් යාපනය රෝහල වටකර ඇති බව ද වාර්තාවේ.

එහෙත් මිය ගිය සිසුන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෙතෙක් නිකුත්කර නැහැ.

මත්පැන් සරසවි සිසුන් දෙදෙනාට මරු ගෙනෙයි - update

යාපනය සරසවියේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකු  අද අලුයම යාපනය කොකුවිල් කුලප්පිඩ්ඩි මන්සන්ධියේදී  ඔවුන් ගමන් කළ යතුරු පැදිය අනතුරට ලක්වීමෙන් මියගොස් ඇති බව යාපනය පොලීසිය පවසයි.

එම සිසුන් දෙදෙනා ගමන් කළ යතුරු පැදිය තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

යාපනය සරසවියේ කලා අංශයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ  මොවුන් චුන්කම්හි පිහිටි එක් සිසුවෙකුගේ නිවසක තිබූ සාදයකට සහභාගී වීමෙන් අනතුරුව අනෙක් සිසුවා නේවාසිකාගාරයට ඇරලීම සඳහා යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ඔවුන් මත්පැන්  පානය කොට සිට ඇති බවත් යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.

යාපනය පොලීසිය අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

 

නව අදහස දක්වන්න