අවම බලය ගැන පොලිස්පතිගේ මතය | දිනමිණ

අවම බලය ගැන පොලිස්පතිගේ මතය

අවශ්‍ය අවස්ථාවල අවම බලය භාවිත කිරීමට පොලිසියට හැකි බව පොලිස්පති පුජිත් ජයසුන්දර පවසයි.

ඔහු පෙන්වා දුන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් හා අනතුරකින් ජීවිතක්ෂයට ලක්වීමේ සිද්ධියේදී පොලිස් නිලධාරීන්ගෙන් අඩුපාඩුවක් සිදුව ඇති බවයි.

එසේ වෙඩිතැබීමට තරම් වාතාවරණයක් තිබුණේද යන්න ගැටළු සහගත බවත්, එතැනදී මංකොල්ලකෑමක්, සංවිධානාත්මක ලෙස සිදුකරනු ලැබූ ප්‍රහාරයක්, ජීවිත තර්ජනයක් හෝ තිබුණු අවස්ථාවක් විය නොහැකි බව පොලිස්පතිවරයා සඳහන් කළේය.

විශේෂයෙන්ම එම සිදුවීම වහාම වාර්තා නොකිරීම එම නිලධාරීන් විසින් සිදුකළ වරදක් බවත්,එය පැහැදිලිවම විනය කඩකිරීමක් බවත් පොලිස්පතිවරයා කියා සිටියේය.

150වන පොලිස් දින සංවත්සරය වෙනුවෙන් අද අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.

"පොලිස් නිලධාරියාට බලතල තිබෙනවා, ඒ බලතල ඉක්මවා යන්න කාටවත් බැහැ, අවශ්‍ය තැනට අවශ්‍ය බලය අවම බලය යොදන්න පුළුවන්"

"පොලිස් නිලධාරියෙක් තමන්ගේ අවම බලය භාවිතා කිරීමේදී එය අවශ්‍යතාවය අනුව යම් මට්ටමක, අවශ්‍ය බලතල භාවිතා කිරීමට පොලිස් නිලධාරියාට තියෙනවා නීතියෙන්ම ලබාදුන්නු බලයක්"

අණ නොතකා පලා යන රථයකට වෙඩි තැබීමට පොලිසියට නොහැකි බවට පොලිස් කොමිසමේ ලේකම් වරයා ඊයේ (ඔක්.23) කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනුයි පොලිස්පතිවරයා මේ බව පැවසුවේ.

ඊයේ පොලිස් කොමිසමේ ලේකම් අරියදාස කුරේ මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ වාහනයක් නොනවත්වා යාමේදී පොලිසියට වෙඩි තැබීමට අයිතියක් නොමැති බවය.

"වාහනය නොනවත්වා යන කෙනෙක් ඉන්නාවානම් ඔහු ගැන ඊලග පරීක්ෂණ ස්ථානයට දැනුම්දීම හෝ ඔහු ලුහුබැඳ යාමයි සිදු කළ යුත්තේ"

 

නව අදහස දක්වන්න