සිසුන් මියගිය තැන පතොරම් කොපුවක් | දිනමිණ

සිසුන් මියගිය තැන පතොරම් කොපුවක්

යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලද සිසුන් දෙදෙනෙකු ඉකුත් 20 වැනිදා ජිවිතක්ෂයට පත්වු කොක්කුවිල් කුලප්පිට්ටි ප‍්‍රදේශය අවට සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හිස් පතොරම් කොපුවක් සොයාගෙන තිබේ.

යාපනය,කොක්කුවිල් පොළ ආසන්න සීමාවේ සිදුකරනු ලබන පරීක්ෂණ කටයුතු වෙනුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිළධාරීන්ද කැඳවා මෙම පරීක්ෂණ සිදු කර ඇත.

යාපනය පොලිසිය පැවසූවේ ප‍්‍රදේශයේ ආරක්ෂා තරකොට පරීක්ෂණ කටයුතු මෙහෙයවන බවයි.

යාපනය විශ්ව විද්‍යාලයේ තුන් වන වසරේ අධ්‍යාපනය ලද යාපනය, අලවේට්ටි, කන්දරෝඩ්ඩෙයි ප‍්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එස්. සුලක්ෂන් නමැති තරුණයෙකු හා කිලිනොච්චිය, ප‍්‍රදේශයේ පදිංචි නඩරාසා ගජන් නමැති 23 හැවිරිදි තරුණයෙකු අදාළ සිදුවීමෙන් ජිවිතක්ෂයට පත්විය.

නව අදහස දක්වන්න