හෙට කොළඹට ජල කප්පාදුවක් | දිනමිණ

හෙට කොළඹට ජල කප්පාදුවක්

කොළඹ, ප්‍රදේශ කිහිපයකට හෙට (05) රාත්‍රි 9.00 සිට ඉරිදා (06) අළුයම 5.00 දක්වා පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
 
ඒ අනුව බේස්ලයින් පාරේ කැලනි පාළම අසළ සිට දෙමටගොඩ හන්දිය දක්වා ප්‍රධාන මාර්ගයේ සහ සියලු අතුරු මාර්ග, හෙට්ටිවීදිය සහ ඒ ආශ්‍රිත අතුරු මාර්ග , කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
 
ජල නලවල සිදුකරනු ලබන නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇත.

නව අදහස දක්වන්න