සංවර්ධන කෙටුම්පත සංශෝධනයට | දිනමිණ

සංවර්ධන කෙටුම්පත සංශෝධනයට

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධනය කර යළි ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එකඟ වී තිබේ.

ඒ පළාත් මහඇමතිවරුන් සමඟ අද පැවති සාකච්ඡාවකදී ය.

මෙම සාකච්ඡාවට බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ ඌව යන පළාත් වල මහ ඇමතිවරුන් සාකච්ඡාවට එක්ව සිටි අතර මහඇමතිවරුන් 05 දෙනෙකු සහභාගි වී සිටියේ නැහැ.

සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ දකුණු පළාත් මහඇමති ශාන් විජයලාල් ද සිල්වා ප්‍රකාශ කළේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතින් පළාත් සභාවලට බලපාන කරුණු  සංශෝධනය කර එය යළි ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි.

නව අදහස දක්වන්න