පොලීසියෙන් පෞද්ගලික මාධ්‍යයට වාරණයක් | දිනමිණ

පොලීසියෙන් පෞද්ගලික මාධ්‍යයට වාරණයක්

මින් ඉදිරියට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමෙන්තුවේ පුවත් පෞද්ගලික මාධ්‍ය වෙත ලබා නොදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර තීරණය කොට තිබේ.

පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මීට අමතරව පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන කිසිදු උත්සවයකට පෞද්ගලික නාලිකාවලට ආරාධනය නොකිරීමට ද පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බවයි.

රත්නපුර ප්‍රදේශයේදී පැවති උත්සවයකදී පොලිස්පතිවරයාට ලැබුණු දුරකථන ඇමතුමට අදාළ සිදුවීම අනවශ්‍ය ප්‍රචාරණයට ලක්වීම මීට හේතු වී ඇති බව ද පැවසේ.

අදහස් 1ක් ඇත

This how FREEDOM of the media is going to be curtailed. These beggars does not like the people to know the exact TRUTH (like the erasure of the video information of the accident by a minister, the use of "Sir") as it happens but the TAILORED version which is far out of the TRUTH. This is how GONPALAKAS practice DEMOCRACY. It is like the DEMOCRATIC party in US fails to understand it but instigating demonstrations and trying to put the blame of VOTE rigging by an another country, even though none of those Voting machines were connected to each other or to internet. However, US is always preaching to other countries about accepting the practice of democratic decisions.

නව අදහස දක්වන්න