සංවර්ධන පනත මධ්‍යමෙනුත් විසිවෙයි | දිනමිණ

සංවර්ධන පනත මධ්‍යමෙනුත් විසිවෙයි

මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ බහුතරය ද අද සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

මධ්‍යම පළාත් සභාව අද රැස්වූ අවස්ථාවේ දී විපක්ෂ මන්ත්‍රීන් ඒ සඳහා විවාදයක් අවශ්‍ය බව ප්‍රකාශ කර ඇතත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් ඊට විරෝධය පළ කර ඇත.

එහිදී සිදුකළ ඡන්ද විමසීමෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 36 දෙනාගෙන් 32ක් ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ තිබේ.

ඊට පක්ෂව කිසිවකු ඡන්දය ප්‍රකාශ නොකළ අතර ඡන්දය විමසන අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරු එම ස්ථානයෙන් ඉවත් වූහ.

සිව්දෙනකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි අතර පනතට විරෝධය පළ කරමින්  එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පනත ඉරා දැමූහ.

විපක්ෂ සංවිධායක සන්ධාන මන්ත්‍රී තිලක් රාජපක්ෂ පනත සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සිටිය දී ඔවුහු පනත ඉරා විසි කළහ.

නව අදහස දක්වන්න