පොදු සමා කාලය අදින් අවසන් | දිනමිණ

පොදු සමා කාලය අදින් අවසන්

නොදන්වා සේවය හැරගිය හමුදා සාමාජිකයින්ට නීත්‍යනුකූලව ඉවත්වීම සඳහා ලබා දුන් පොදු සමා කාලය අද මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වන බව යුධ හමුදාව පවසයි.

එම පොදු සමා කාලය තුළ නිලධාරීන් 31 දෙනෙකු හා සෙසු නිලයන් 7410 දෙනෙකු නීත්‍යනුකූලව ඉවත්ව ඇති බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කලේ.

මේ වන විට ත්‍රිවිධ හමුදාවෙන් පළා ගොස් ඇති සාමාජිකයින් සංඛ්‍යාව 51,000ක් පමණ වන අතර ඉන් 42,500ක් යුද හමුදා සාමාජිකයින්.

ඒ අනුව නීත්‍යනුකූලව ඉවත් නොවූ හමුදාව හැරගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ලබන මස සිට ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත් යළි බාර වන සාමාජිකයන් හට හමුදා සාමාජිකයෙකුට හිමිවිය යුතු දීමනා ආදිය ලැබෙනු ඇති අතර රුපියල් දසදහසකට නොවැඩි ණය මුදලක් ලබාගෙන ඇත්නම් එම ණය මුදල ද කපාහරිනු ඇති බව ද සදහන්.

 

නව අදහස දක්වන්න