රුධිර පරීක්ෂණවලට අද සිට තහංචියක් | දිනමිණ

රුධිර පරීක්ෂණවලට අද සිට තහංචියක්

රජයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම අද සිට තහනම් කර තිබේ.

රසායනාගාර පහසුකම් ඇති සියලු රෝහල්වලට රුධිර පරීක්ෂණ යන්ත්‍ර ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ.

රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීමේ සිද්ධි වාර්තා වුවහොත් අදාළ රෝහල්වල අධ්‍යක්ෂවරුන්ට එරෙහි ව විනය ක්‍රීයාමාර්ග ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

රසායානාගාර පහසුකම් ඇති සියලු ම රෝහල් අධ්‍යක්ෂවරුන්ට ඊට අදාළ විශේෂ චක්‍ර ලේඛනයක් නිකුත් කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම් අනුර ජයවික්‍රමට උපදෙස් ලබා දී තිබේ.

 

නව අදහස දක්වන්න