Monday, ජනවාරි 2, 2017 - 10:15
වැලිගම, මිරිස්ස ප්‍රදේශයේදී කොකේන් සහ හෂීස් නැමැති මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙක් සහ එංගලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීය.
එහිදී ඔවුන් සතුව තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්රැම් 710ක්, හෂිස් ග්‍රෑම් 03ක් සහ තීරු බදු රහිතව ගෙන්වන ලද දුම්වැටි 224ක් සොයාගෙන තිබේ.
සැකකරුවන් කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නව අදහස දක්වන්න