මිරුසුවිල්හිදී මැර ප්‍රහාරයක් - 03ක් රෝහලේ | දිනමිණ

මිරුසුවිල්හිදී මැර ප්‍රහාරයක් - 03ක් රෝහලේ

යාපනය, මිරුසුවිල් ප‍්‍රදේශයේදි ඊයේ දහවල් 03.30 පමණ මැර කල්ලියක් විසින් පහරදීමක් සිදු කර තිබේ.

කොඩිකාමම් පොලිසිය පැවසුවේ පුද්ගලයින් තිදෙනෙකුට පහරදීම් සිදු කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබිමෙන් පසු චාවකච්චේරි රෝහලට ඇතුලත් කල බවයි.

අදාළ පුද්ගලයින් පිරිස මිරුසුවිල් ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදීම සදහා පැමිණ ඇති බවත් ඔහු නිවසේ නොසිටි නිසා එම ප්‍රදේශයේම පදිංචි වෙනත් පුද්ලයින් පිරිසකට මෙලෙස පහර දී ඇතැයි සදහන්.

මෙම පහරදීම සදහා පුද්ගලයින් 15 දෙනෙකු කඩු කිණිසි සහිතව පැමිණ ඇතැයි ද වාර්තාවේ.

නව අදහස දක්වන්න