කෑගල්ලට උණ ගැනෙයි | දිනමිණ

කෑගල්ලට උණ ගැනෙයි

කෑගල්ල දිස්ත්‍රික්කය තුල බෝවන උණ රෝගයක් පැතිරී යාමට පටන්ගෙන ඇති බව වාර්තාවේ.

ප්‍රදේශයේ අප වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන් මේ වනවිට එක ගෙදර දෙතුන් දෙනාට මෙම උණ රෝගය වැළදී ඇති බවයි.

මෙම උණ රෝගය වැළදුනු රෝගීන්ට හිසේ කැක්කුම, වමනය, කලන්තය, ඇගපත රැදාව, හෙම්බිරිස්සාව ඇතිවන බව සදහන්.

මේ වනවිට කෑගල්ල, මාවනැල්ල, වරකාපොල, කරවනැල්ල යන රෝහල් කරා දිනපතා මෙම රෝගය වැළදුන රෝගීන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන බව රෝහල් ආරංචි මාර්ග පවසති.

මේ අතර දිස්ත්‍රික්කයට මේ දිනවල උදේ කාලයේ අධික මීදුම් සහිත දේශගුණයක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

නව අදහස දක්වන්න