රංගන සහ ළහිරු වාර්තා අතරට | දිනමිණ

රංගන සහ ළහිරු වාර්තා අතරට

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 392ක් ලබා ගෙන තිබේ.

පන්දුවට පහරදීමේදී එල්ගා ලකුණු 129ක් සහ කුක් ලකුණු 101 වාර්තා කලේය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කඩුලු හයක් දවා ගැනීමට සමත්විය.

ඒ අනුව 19 හැවිරිදි ළහිරු දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් කඩුලු පහක් දවාගත් ශ්‍රී ලංකාවේ සිව්වැනි වේග පන්දු යවන්නා ලෙසත් ඉතිහාසයට එක්විය.

ඔහුට පෙරාතුව ඩිල්හාර ප්‍රනාන්දු, චානක වෙලගෙදර හා පසුගිය තරගයේදී සුරංග ලක්මාල් මෙම දක්ෂතාව දැක්වීය.

ළහිරු පන්දුවාර 25කදී ලකුණු 122ට කඩුලු හයක් දවාගැනීමට සමත්විය. ඒ අනුව දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 392ට සීමා විය. 

මේ අතර වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් දෙවන ශී‍්‍ර ලාංකික පන්දු යවන්නා ලෙස රංගන හේරත් අද වාර්තා පොත් අතරට එක්විය.

ඒ, දකුණු අපි‍්‍රකාව සමග දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී කයිල් ඇබොට්ගේ කඩුල්ල දවා ගනිමින්.

මීට පෙර ටෙස්ට් කඩුළු 355 ක් දවාගෙන දෙවන ස්ථානයේ පසුවුයේ චමින්ද වාස්. මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800 ක් දවා ගනිමින් ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභීන් අතර පෙරමුණේ පසුවිය.


නව අදහස දක්වන්න

Or log in with...