FCID අධ්‍යක්ෂකට මාරුවක් | දිනමිණ

FCID අධ්‍යක්ෂකට මාරුවක්

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.අරුණ ප්‍රේමශාන්තට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

පොලිස් මූලස්ථානය සදහන් කළේ ඔහුට මොණරාගල කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස උසස්වීමක් ලබාදී ඇති බවයි.

එමෙන්ම  පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ තාවකාලික පත්වීමක් ලෙස සහකාර පොලිස් අධිකාරීවරයෙකු වන පවිත්‍ර දයාරත්න පත් කර ඇත.

ඒ අනුව ඔහු පෙරේදා දිනයේදී එම තනතුරෙහි වැඩ භාර ගනු ලැබීය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂවරයා මොණරාගල නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගනු ලැබුවේ පසුගිය 29 වනදා වන අතර ඔහුට නියෝජ්‍ය පොලිස්පති තනතුරක් හිමි වූයේ ඒ සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවකට අනුකූලවයි.

නව අදහස දක්වන්න