ජෙයරාජ් ඝාතන නඩුවට - වෙනත් විනිසුරුවරයෙක් | දිනමිණ

ජෙයරාජ් ඝාතන නඩුවට - වෙනත් විනිසුරුවරයෙක්

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇතුළු 16 දෙනකු ඝාතනයට ලක්වූ බෝම්බ ප්‍රහාරය ගැන නඩුව විභාග කිරීම සඳහා වෙනත් මහාධිකරණ විනිසුරුවරයකු පත්කර එවන ලෙස අධිකරණ සේවා කොමිසම් සභාවට දන්වා යවා ඇත.

ඒ ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දුගේ නියෝගයකට අනුවයි.

එම නඩුව අද කැඳවු අවස්ථාවේදී විවෘත අධිකරණයේ දී මේ බව පැවසුණු අතර පෞද්ගලික හේතුවක් මත මෙම තීරණය ගත් බව ද පැවසිණ.

අදාළ නඩුව පෙබරවාරි 02 වැනි දා යළි කැඳවීමට නියමිතය.


නව අදහස දක්වන්න

Or log in with...