උදයංගගේ බැංකු ගිණුම් 16ක් අත්හිටුවයි | දිනමිණ

උදයංගගේ බැංකු ගිණුම් 16ක් අත්හිටුවයි

යුක්‍රේනයේ හිටපු තානාපති උදංග වීරතුංගට අයත් මෙරට බැංකු ගිණුම් 16 ක් අත්හිටුවීමට අද (4) නියෝග කළාය.

ඒ කොටුව  ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.

මිග් යානා ගනු දෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ  ඔහුට එරෙහිව පරීක්ෂණ පවත්වන පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම ගිණුම් අත්හිටුවන ලෙස  අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරිය එසේ නියෝග කළාය.

නව අදහස දක්වන්න