ටිපර්-බස් අනතුරින් 10ක් රෝහලේ | දිනමිණ

ටිපර්-බස් අනතුරින් 10ක් රෝහලේ

දඹුල්ල, බකමූණ මාර්ගයේ ටිපර් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ  ටිපර් රථයේ රියදුරු සහ බස් රථයේ ගමන් කළ කාන්තාවන්  තිදෙනෙකු, කුඩා දැරියක් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි. 

මේ අතර වත්තල,  කිරිබත්ගොඩ මාර්ගයේ ඩිංගියාවත්ත ක්‍රීඩාපිටිය ඉදිරිපිටදී පදික මාරුව හරහා ගමන් කළ පුද්ගලයෙකු  ත්‍රි රෝද රථයක ගැටීමෙන් මියගොස් තිබේ.

ඔහු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර මියගොස් ඇත්තේ වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

නව අදහස දක්වන්න