පාතාලේ රත්තරන් කැලණිමුල්ලේ දී වෙඩි කයි | දිනමිණ

පාතාලේ රත්තරන් කැලණිමුල්ලේ දී වෙඩි කයි

මුල්ලේරියාව කැලණිමුල්ල ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලිසිය පවසන්නේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පාතාල ක‍්‍රියාකාරිකයෙකු බව කියන රත්තරන් යන නාමයෙන් හදුන්වන 36 හැවිරිදි පුද්ගලයෙකු බවට විශ්වාස කරන බවයි.

‘අංගොඩ ලොක්කා’ ලෙස ප‍්‍රකට පාතාල ක‍්‍රියාකාරිකයා සමග ඔහු සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි ද හෙළි ඇති අතර වෙඩි තැබීම සිදුව ඇත්තේ අද උදෑසනයි.

පොලීසිය පැවසුවේ සැකකාර පුද්ගලයා කැලණිමුල්ල ප්‍රදේශයේ සිට අංගොඩ ප්‍රදේශයට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

අංගොඩ ප්‍රදේශයේ සිට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් අංගොඩ පොලීසිය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි සැකකරුවකු බව ද සදහන්.

නව අදහස දක්වන්න