බසයෙන් ඇද වැටී පාසල් දරුවෙකු මරුට | දිනමිණ

බසයෙන් ඇද වැටී පාසල් දරුවෙකු මරුට

දික්වැල්ල දොඩම්පහල ප්‍රදේශයේදී අද දහවල් මගී බස් රථයකින් ඇද වැටීමෙන් පාසල් දරුවෙකු මියගොස් ඇති බව දික්වැල්ල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ දික්වැල්ල විජිත මධ්‍ය විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ යද්දෙහිගේ තරුෂ නිල්මිණ්ද නැමැති දහසය හැවිරිදි පිරිමි දරුවෙකි.

මොහු පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති අ:පො:ස සා:පෙල විභාගයට පෙනී සිට ඇත.

අදළ සිසුවා විද්‍යාලයට පැමිණ ආපසු නිවස වෙත පෞද්ගලික මගී බස් රථයකින් යමින් සිටියදී එම රථයෙන් ඇද වැටී බරපතල තුවාල ලබා ඇත.

පසුව දික්වැල්ල රජයේ රෝහලට ගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

බස් රථයේ රියැදුරු දික්වැල්ල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

දික්වැල්ල පොලිස් රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(වලස්ගල සමූහ - ලක්ෂ්මන් කුමාරසිංහ)

නව අදහස දක්වන්න