ඉන්දීය ධීවරයින් 10ක් අත්අඩංගුවට | දිනමිණ

ඉන්දීය ධීවරයින් 10ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව අනවසරයෙන් මෙරට උතුරු මුහුදට ඇතුල් වී මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු යාපනය ඩෙල්ෆ් දූපත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙරලාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටියදී මෙම ධීවරයින් පිරිස නාවික හමුදාවේ සහය ඇතිව වෙරලාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පැමිණි ධීවර යාත්‍රා දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා එම ධීවරයින් යාපනයේ ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දී තිබේ.

(වවුනියාව උතුර සමූහ - බන්දුල සෙනෙවිරත්න) 


නව අදහස දක්වන්න

Or log in with...