ත්‍රි/මලය වරාය විකිණීමට එරෙහිව කළු කොඩි | දිනමිණ

ත්‍රි/මලය වරාය විකිණීමට එරෙහිව කළු කොඩි

ත්‍රිකුණාමල වරාය විකිණිමට එරෙහිව අද චිනවරාය පරිශ්‍රයේද පිහිටි වරාය අධිකාරියේ කළු කොඩි ඔසවා විරෝධතාවය ප්‍රකාශ කිරිමේ වෘත්තිය සමිති ව්‍යාපාරයක් සමස්ථලංකා වරාය පොදු සේවක සංගමය විසින් ආරම්භ කරනු ලැබිය.

සමස්ථලංකා වරාය පොදු සේවා සංගමයේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ සභාපති සරත් ගල්ලගේ පැවසුවේ ත්‍රිකුණාමල වරායට අමතරව හම්බන්තොට වරායේ ඉඩම් විකිණිම හා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණිමට එරෙහි වීමත් තම විරෝධතාව යේ අරමුණ බවයි.

කළු කොඩි දමා තම විරෝධය ප්‍රකාශ කිරිම ලබන අට වෙනිදා දක්වා සිදුකර එදින කොළඹ වරායේ පැවැත්වෙන වෘත්තිය සමිත ක්‍රියාමාර්ගයට සහභාගිවිමට සියලු කටයුතු සුදානම් කර ඇති බව ද ඔහු සදහන් කලේය.

කළු කොඩි ප්‍රදර්ශණය කිරිමේ විරෝධතාවය සම්බන්ධයෙන් කල විමසුමකට පිළිතුරුදුන් ත්‍රිකුණාමල වරායේ නේවාසික කළමනාකරු යු.එම්.ආර්.ධර්මවර්ධන පැවසුවේ වරාය පරිශ්‍රයේ වෘත්තීය සමිත කාර්යාලය තුල පමණක් කළු කොඩි ඔසවා ඇති බවත් මේ තත්ත්වය තුල වරායේ දෛනික මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යන බවත්ය.

ත්‍රි/මලය විශේෂ ඒ.ටි.එම්.ගුණානන්ද 

නව අදහස දක්වන්න