මඩු රැජින 05ක් සමග අතුරුදන් | දිනමිණ

මඩු රැජින 05ක් සමග අතුරුදන්

ත්‍රිකුණාමලය ධිවර වරයෙන් මුහුදු ගිය මාරවිල “මඩු රැජින - 02“ නැමැති බහුදින ධිවර යාත්‍රාවක් ධිවරයන් පස් දෙනෙකු සමග අතුරුදහන් වි ඇතැයි ත්‍රිකුණාමලය වරාය පොලිසිය පවසයි.

අතුරුදහන් වි ඇති ධිවර කාර්මිකයන් පස්දෙනාගෙන් හතරදෙනෙකු මාරවිල හා ඒ අවට පදිංචි කරුවන් වන ලාල් එස්.තමෙල්, ආර්. එම්.සුසන්ත නිලන්ත කුමාර,එම්.බි.ප්‍රැන්සිස් ප්‍රනාන්දු, එස්.සුරේන්ද්‍ර සිල්වා වන අතර සෙසු පුද්ගලයා ත්‍රිකුණාමලයේ පදිංචි එම්.ඩි.ටි.පි.ජයසුන්දර නැමැති අයවේ.

යාත්‍රාවේ අයිතිකරු මාරවිල, අළුවා කැටේ බෝක්කුව පාරේ පදිංචි ඩබ්.ටයිටස් ශාන්ති ප්‍රනාන්දු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ,නාවික හමුදාවට ධිවර අමාත්‍යංශයට පැමිණිලිකර තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු යාත්‍රා අයිතිකරු ඩබ්.ටයිටස් ශාන්ති ප්‍රනාන්දු යාත්‍රාව පසුගිය නොවැම්බර් 28 දා දහවල් 12.00 ත්‍රිකුණාමලය වරායෙන් පිටත්ව තිබේ.

(ත්‍රි/මලය විශේෂ ඒ.ටි.එම්.ගුණානන්ද)

නව අදහස දක්වන්න