කැලණි පෙරහරට වැහෙන මාර්ග | දිනමිණ

කැලණි පෙරහරට වැහෙන මාර්ග

කැලණිය රජමහා විහාරස්ථානය මගින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා පෙරහර හේතුවෙන් පොලිසිය විශේෂ මාර්ග සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.

මෙම මස 11 වන දින එනම් හෙට දින ප.ව 07.00ට පමණ ආරම්භවීමට නියමිතය.

පෙරහර හෙට පස්වරුවේ කැලණිය විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර කැලණිසිරි වටරවුම, විහාර මාවත හන්දිය, හෙලනා හන්දිය හා බස් නැවතුම්පොළ ඔස්සේ බියගම වාහල් කඩින් නැවත විහාරස්ථානයට පැමිණේ.

මෙම කාලවකවානුව තුළ වාහන තදබදයක් ඇතිවිය හැකි හෙයින් මෙම මාර්ගය භාවිත කරන රියදුරන් හා මගී ජනතාව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

නව අදහස දක්වන්න