සෙම්ප්‍රතිෂ්‍යාව සහිත උණ නම් රෝහලකට යන්න - update | දිනමිණ

සෙම්ප්‍රතිෂ්‍යාව සහිත උණ නම් රෝහලකට යන්න - update

මහනුවර ශික්ෂණ රෝහලට පෙනහලු ආසාධන ඇතිව පැමිණෙන සියලු රෝගින් පරික්ෂා කිරීමේ වැඩසටනක් අරඹා ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක පවසයි.

ඉන්ෆ්ලුවෙන්සා ඒ එච්-1 එන්-1 වෛරසය ආසාධනය වීමෙන් වකුගඩු රෝගීන් තිදෙනෙකු මේ වන විට මියගොස් ඇති බව ද, වෛරසය ආසාධනය වු රෝගීන් තවත්  තිදෙනෙකු ප්‍රතිකාර ලබන බව ද රත්නායක පවසයි.

මෙම ඉන්ෆ්ලුවෙන්සා ඒ එච්-1  එන්-1 වෛරසය ආසාධනය විම වලක්වා ගැනිමට සහ ආරක්ෂා වීමට රෝහල් කාර්ය මණ්ඩලයට උපදෙස් දී ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කරයි.

වෛද්‍ය සමන් රත්නායක පැවසුවේ යම් පුද්ගලයකු සෙම්ප්‍රතිෂ්‍යාව සහිත උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වහාම රජයේ රෝහලකට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස ද උපදෙස් දෙන බව සදහන්.

මියගිය තිදෙනාගෙන් දෙදෙනෙකුට AH1N1- update

මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ මිය ගිය රෝගීන් තිදෙනාගෙන් දෙදෙනෙකුට ඉන්ෆ්ලුවන්සා AH1N1 වෛරසය ආසාදනය වී තිබූ බව අනාවරණය වී තිබේ.

මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ආර් එම් එෆ් කේ රත්නායක පවසා ඇත්තේ මියගිය රෝගීන්ගේ පටල පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ බව තහවුරු වී ඇති බවයි. 

මියගිය අනෙක් රෝගියාගේ පටල පිළිබඳව සිදු කෙරෙන පරීක්‍ෂණ තවමත් අවසන් වී නොමැති බව ද ඔහු පැවසීය.

මේ අතර මියගිය රෝගීන් තිදෙනා ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුව වසා දමා ඇති බව ද මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා සනාථ කර ඇත.

එමෙන්ම වකුගඩු ඒකකයේ සේවය කළ දෙදෙනෙකු ද උණ රෝගය වැළඳීම හේතුවෙන් මේ දක්වා සේවයට වාර්තා කර නොමැති බව ද සදහන්.

වෛද්‍ය ආර් එම් එෆ් කේ රත්නායක සදහන් කරන්නේ ඔවුන් දෙදෙනාට ද ඉන්ෆ්ලුවන්සා AH1N1 වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බලන බවයි.

මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී එක් රෝගියෙකු ජනවාරි 09වැනිදාත් තවත් රෝගීන් දෙදෙනෙකු ජනවාරි 10වැනිදාත් මිය ගියේය.

නව අදහස දක්වන්න