උසස් වීම් සහ වැටුප් විධිමත්ව සැකසිමට තීරණයක් | දිනමිණ

උසස් වීම් සහ වැටුප් විධිමත්ව සැකසිමට තීරණයක්

පොලිස් දෙපාර්තමේන්තුවේ පහළ ශ්‍රේණිවල සිටින නිලධාරීන් සඳහා විධිමත් උසස් වීම් සහ වැටුප් ක්‍රමයක් සැකසීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

එහි සභාපති පී.එච්.මනතුංග සඳහන් කළේ, උසස් වීම් සහ වැටුප් විශමතාවන්ට ලක් වූ පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල් ශ්‍රේණිවල නිලධාරීන් 84,000ක් පමණ සිටින බව ය.

මේ හේතුවෙන් ඔවුන් දැඩි කලකිරීමට පත්ව සිටින බව ද සදහන් කල සභාපතිවරයා ප්‍රකාශ කළේ මෙය පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂම භාවයට ද ප්‍රශ්නයක් වන බව ය.

ඒ අනුව, කඩිනමින් එම නිලධාරීන් සඳහා නිසි උසස් වීම් ක්‍රමවේදයක් සහ වැටුප් වැඩි විමක් ලබා දීමට නියමිත බව සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

නව අදහස දක්වන්න