රෝහණ විජයමුණිට ඇප | දිනමිණ

රෝහණ විජයමුණිට ඇප

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සාවද්‍ය අනාවැකි පළ කරමින් ජනතාව නොමඟ යැවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජ්‍යෝතීර්වේදී විජිත රෝහණ විජයමුණි ඇප මත මුදාහැර තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර රණසිංහගේ නියෝගයකට අනුවයි.

සැකකරු රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කර තිබුණි.

කෙසේවෙතත් අදාළ ඇප කොන්දේසී සම්පුර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහු  කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තැබීමට කටයුතු කර තිබු බව සඳහන්.

අද පෙරවරුවේ අදාළ ඇප කොන්දෙසි සම්පූර්ණ කිරීම හේතුවෙන් සැකකරු මුදාහැරීමට අධිකරණය නියෝග කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නව අදහස දක්වන්න