දරුවන් පාසලට ඇතුළත් කරගන්නැයි උපවාසයක් | දිනමිණ

දරුවන් පාසලට ඇතුළත් කරගන්නැයි උපවාසයක්

කල්පිටිය අල් අක්ෂා ජාතික පාසැලේ පළමු වසර සදහා සිය දරුවන් ඇතුලත් කර නොගැනීමට විරෝධය දැක්වීම පිණිස , පෙබරවාරී ඊයේ දින සිට,දෙමාපියන් පිරිසක් එම විදුහල ඉදිරිපිට උපවාසයක් අරඹා තිබේ. 

එම විදුහළේ පළමු වසරට ඇතුලත්වීම සදහා සිසුන් 128 දෙනෙකු සමුඛ පරීක්ෂණයට පෙණී සිට ඇත.

ඉන් සිසුන් 78 දෙනෙකු පමණක්,පෙබරවාරී පළමු දින පාසැලට ඇතුලත් කර ගැනීම නිසා ඉතිරි සිසුන් 50 දෙනාගේ දෙමාපියන් මෙම උපවාසය අරඹා ඇත.

(කල්පිටිය සමූහ)

නව අදහස දක්වන්න