ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට උපදෙස් | දිනමිණ


 

ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට උපදෙස්

ජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ප්‍රසම්පාදන කමිටුවේ නිලධාරීන් සමග සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 
 
රජයේ ප්‍රසම්පාදන කමිටුවට බලපාන ගැටඑ සම්බන්ධයෙන් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදුකරගෙන යාම සදහා නව ක්‍රියාවලියක ඇති අවශ්‍යතාව පිළිබදව ද මෙහිදි අවධානය යොමුවිය.
 
පසුගිය හා නව රජය යටතේ ප්‍රසම්පාදන කොමිෂන් සභාව කටයුතු කළ ආකාරය පිළිබදව හා සිදුව ඇති අක්‍රමිකතා පිළිබදව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
 
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය රවී කරුණානායක, මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස් සමරතුංග, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති බී.එන්.අයි.එෆ්.ඒ වික්‍රමසූරිය ඇතුඑ නිලධාරීන් එක්වූහ.

නව අදහස දක්වන්න