ඉඩම් ඉල්ලා මුලතිව්හි ස්ථාන දෙකක සත්‍යග්‍රහයක් | දිනමිණ

ඉඩම් ඉල්ලා මුලතිව්හි ස්ථාන දෙකක සත්‍යග්‍රහයක්

මුලතිව් ප්‍රදේශයේ යුද්ධයෙන් අවතැන්වූ ගම්වැසියන් පිරිසක් තම මුල් ගම්බිම් ඉල්ලා දින කිහිපයක් තිස්සේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙති.

පුදුකුඩිඉරිප්පු හා කේපාපිලව් ප්‍රදේශවල පිහිටි ගුවන් හමුදා කඳවුරු භූමි තමන්ට අයිති මුල් ඉඩම් බවත් තමන්ට ඒවා නැවත ලබාදෙන ලෙස ඉල්ලා මෙලෙස සත්‍යග්‍රහ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටිති.

මෙම සත්‍යග්‍රහය ආරම්භ කර අද(08) දින 09ක් වන බවත් මේ වනතෙක් කිසිදු බලධාරියෙකුගෙන් විසඳුමක් නොලැබුණ බවත් ස්ථිර විසඳුමක් ලැබෙන තුරු අඛණ්ඩව මෙම ක්‍රියාමාර්ගයේ  නිරතව සිටින බවටත් සත්‍යග්‍රහයේ නිරත පිරිස් වැඩිදුරටත් පැවසූහ.

නව අදහස දක්වන්න