පොල් මිල නගිද්දි තෙල් මිල බසී | දිනමිණ

පොල් මිල නගිද්දි තෙල් මිල බසී

ආනයනික පොල්තෙල් සදහා පනවා ඇති විශේෂ වෙළද භාණ්ඩ බද්ද අඩු කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

විලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකගේ යෝජනාවකට අනුව ආනයනය කෙරෙන පොල්තෙල් කිලෝග්‍රෑම් එකක් සදහා අය කෙරුණු රුපියල් 150 ක විශේෂ වෙළද භාණ්ඩ බද්ද රුපියල් 130 දක්වා රුපියල් විස්සකින් අඩු කිරීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.

එමෙන්ම ආනයනික පිරිසිදු නොකළ පාම් තෙල් සහ පොල්තෙල් කිලෝග්‍රෑම් එකක් සදහා අය කෙරුණු විශේෂ වෙළද භාණ්ඩ බද්දද රුපියල් 130 සිට රුපියල් 110 දක්වා අඩු කර ඇත.

දේශීය වෙළද පොලේ පොල් මිළ ඉහළයාම පාලනය කිරීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

නව අදහස දක්වන්න