නාවික හමුදාපතිට සේවා දිගුවක් | දිනමිණ


 

නාවික හමුදාපතිට සේවා දිගුවක්

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නට ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන විසින් සේවා දිගුවක් ලබා දි තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද(22) දිනයේ සිට මෙම සේව දිගුව ලබා දී අති අතර මෙම සේවා දිගුව බල පැවැත්වෙන පරිදි මාස 06ට වලංගු බව ද වාර්තාවේ.

වයිස් අද්මිරාල් රවින්ද්‍ර (රවි) විජේගුණරත්න කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, 1980 වසරේ නොවැම්බර් 01 වන දින 09 වන බඳවාගැනීමට අයත් කැඩෙට් නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්ව ඇත.

නාවික හමුදාවේ විශේෂ බලකාය ලෙස සැලකෙන විශේෂ යාත්‍රා බලඝනයේ නිර්මාතෘ මෙන්ම, එහි ජ්‍යෙෂ්ඨතම නිලධාරිවරයා වන්නේද වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නවේ.

 

නව අදහස දක්වන්න