කෝටි 05ක හෙරොයින් ගුවන්තොටේදී මාට්ටු | දිනමිණ

කෝටි 05ක හෙරොයින් ගුවන්තොටේදී මාට්ටු

රුපියල් කෝටි පහක අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ විදේශීය ජාතිකයෙකු අද(04) අළුයම 01.40ට කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත්  QR 668 දරණ ගුවන් යානයෙන් විදේශීය ජාතිකයා මෙරටට පැමිණ ඇති අතර මොහු පිළිබඳ සැකසිතූ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මොහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කර ඇත.

එහිදී මෙම විදේශීය ජාතිකයාගේ ගමන් මල්ලේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 500ක් සොයාගෙන ඇති බව සඳහන්ය.

අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 05කට අධික බව ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.

සැකකරු 25 හැවිරිදි පාකිස්ථාන ජාතිකයෙකු වන අතර ඔහු රඳවාතබා ගෙන වැඩිදුර විමර්ශන සිදු කරයි.

නව අදහස දක්වන්න