හමුදාවට එරෙහිව නඩු අහන්න ලෑස්ති නැහැ - ජනපති | දිනමිණ

හමුදාවට එරෙහිව නඩු අහන්න ලෑස්ති නැහැ - ජනපති

එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් රාජ්‍ය නොවන සංවිධානයක බලපෑම යටතේ යුද හමුදාවට එරෙහිව චෝදනා පත්‍ර භාර දෙන්න හෝ නඩු ඇසීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පැවසීය.

පලාලි යුදහමුදා කඳවුරේ දී ආරක්ෂක සේනාංක අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශය කළේය.

'ජනපතිට කියන්න' නමින් ජනාධිපති ලේකම් කාර්යාලයක් විවෘත කිරීම සඳහා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යාපනයේ සංචාරයක නිරත විය.

ජනාධිපතිවරයා එම කාර්යාලය විවෘත කිරීම සඳහා පැමිණෙමින් සිටියදී විශාල පිරිසක් මහමග හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වී සිටියහ.

නව අදහස දක්වන්න