විමල් වෙනුවෙන් කිසිම නීතීඥයකු ඇවිත් නැහැ | දිනමිණ

විමල් වෙනුවෙන් කිසිම නීතීඥයකු ඇවිත් නැහැ

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන්  රජයේ වාහන 40ක් අවභාවිත කළැයි කියන සිද්ධියේ රිමාන්ඩ් භාරයේ පසුවන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා නිතිඥ සහායක් නොමැතිව අධිකරණයේ අවසරය මත පැයකුත් මිනිත්තු  10ක් සිදු කළ විශේෂ ප්‍රකාශයේ ඉදිරිපත් කළ සුවිශේෂි කරුණු සලකා බලා තමන්ට  ඇප ලබා දෙන ලෙස  සිදු කළ ඉල්ලීම ලබන 20 වනදා සලකා බලන බව කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය  අද (6) ප්‍රකාශ කළ අතර සැකකරු ලබන 20 රක්ෂීතභාර ගත කරන ලෙසට නියෝග කළාය.
 
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනා සම්බන්ධ මුලික විමර්ශන අවසන් කර ඇති බව මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන් බව වාර්තා කළ මහේස්ත්‍රාත්වරිය ඉදිරි සති දෙක තුළ උදෘත නිතිපතිවරයාට යොමු කිරිමට අවශ්‍ය පියවර කිඩිනමින් ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය මුල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
 
එමෙන්ම මෙම සිද්ධියේ ඇප මත සිටින දෙවන සැකකරු වන  රාජ්‍ය ඉංජිනේරු  සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන්ත ලොකුහැන්නදි මහතාගේ රෝගී දරුවාගේ අධිකරණයට භාර දී ඇති  වෛද්‍ය වාර්තාවල මුල පිටපත් ලබා දෙන ලෙසට නිතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම සලකා බැලූ වමහේස්ත්‍රාත්වරිය එහි මුල් පිටපත් වල  ඡායා පිටපත් සහතික කොට මුල පිටපත් සැකකරුට මුදා හරින ලෙසටද නියෝග කළාය.
 
නිතිඥ සහායක් නොමැතිව අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන වලට අනුව අධීකරනයට කරුණු දැක්වූ  වීරවංශ මහතා අධිකරණයෙන් ලබා දුන් අවසරය මත කියා සිටියේ තමන්ව පොදු දේපල පනතේ 8-1 වගන්තියේ කොන්දේසි සුපරන්නේ නැතිව මුල්‍ය අපරාද කොට්ඨාසය තමන්ව  නිතිවිරෝධීව රදවා ගෙන් ඇති බැවින් එම නිති විරෝධි රඳවා ගැනිම නතර කොට කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගෙන පාර්ලිමේන්තුවට තේරි පත් වූ තමන්ව නිදොස් කිරිමට පියවර ගන්නා මෙන් අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවය.
 
එසේ සිදු කළ නොහැකි නම් කොළඹ දිස්ත්‍රික් ජනතාව වැඩිම මනාප ලබා දෙමින් මහජන නියෝතියකු ලෙස පත් කළ මා එම ජනතාවගේ විශ්වාසය කඩ නොකළ බවත් ව්‍යවස්ථාදායකයේ නියෝජතියකු ලෙස තමන්ට ඉටු කළ යුතු කාර්යන් සලකා බලා සුවිශේෂි කාරණයක් සේ එම කරුණ සලකා  බලා ඇප මත මුදා හැරිමට පියවර ගන්නා මෙන්ද වීරවංශ මහතා ඉල්ලා සිටියේය. 
 
මේ අවස්ථාව වන විට පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමේ ක්‍රයි පිටිපාටිය සකස් වන බැවින් ඒ සම්බන්ධව මට අවැසි භුමිකාව සිදු කරලීමටමේ වැදගත්කම තෙරුම් ගන්නා ලෙසත් තමන්ට වැඩිම මනාප ලබා දුන් කොළඹ දිස්ත්‍රික් ජනතාවට වෙනුවෙන් තමන් එම යුතුකම් ඉටු කළ යුතු බවද අධිකරණයට වීරවංශ මහතා දන්වා සිටියේය.
 
එහිදී කරුණු දැක්වූ වීරවංශ මහතා කියා සිටියේ තමන්ව දින 54ක් තිස්සේ රිමාන්ඩ්භාරයේ රඳවා තබා ඇත්තේ 2016-09-13 වැනි දින සහකාර පොලිස් අධිකාරිවරයා ඉදිරිපත් කළ පළමු බී වාර්තාව දෝෂ සහගත බව වන අතර එහිදී පොදු දේපල පනත යටතේ ගැනෙන වැරදි ගණනවක් සම්බන්ධ විමර්ශන සිදු කරන අවස්ථාවේදී එම වාර්තාව අධීකරණයට ඉදිරිපත් කරන විට තමන් අත්අඩංගුවට ගෙන නැති බවත් එම වාර්තාව සහකාර පොලිස් අධිකාරිවරයා ඉදිරිපත් කළ යුත්තේ සැකකරුවකු අධීකරණයට ඉදිරිපත් කරන විටදී බවද කියා සිටියේය.
 
මුල්‍ය අපරාධ කොට්ඨාසය අගමැතිවරයා යටතේ පවතින ආයතනයක් බැවින් තමන් නියම ආකාරයෙන් තමන්ව අත්අඩංගුවට පත් කර නැති බවත් ප්‍රශ්න ගත වාහන 11ක් සම්බන්ධ සිද්ධිය ඇති වන අවස්ථාවේ එවකට සභාපතිවරයා ලෙස කටයුතු කළ ආශු මාරසිංහ මහතාගේ ප්‍රකාශයකට අනුව තමන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ මහතා  මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පත් කළ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරන බවත් කියා සිටි අතර එම වාහන 11ට සම්බන්ධව දෙවන සැකකරු වන සමන්ත මහතා අත්අඩංගුවට ගෙන ඇතත් එම කාලයේ සභාපති ලෙසආශු මාරසිංහ මහතා කටයුතු කළද එම කාලයේ සමන්ත මහතා සේවය කර නැති බවද අධිකරණයට දන්වා සිටියේය.
 
එමනේම මෙම සිද්ධියේ ප්‍රශ්නගත වාහන 4ක් සම්බන්ධයෙන් එවකට හිටපු නියෝජ්‍ය ඇමැති ලසන්න අලගියවන්න මහතාගේ රියදුරුගේ ප්‍රකාශයට අනුව එක් වාහනයක් මහර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ බවට ප්‍රකාශ කර ඇතත් අලගියවන්න මහතාද ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ඇමැතිවරයකු වන බැවින් එම ප්‍රකාශ ද නොසලකා හැර ඇතැයිද විශේෂ ප්‍රකාශය සිදු කරමින් කියා සිටි වීරවංශ මහතා තමන්ට  ඇමැතිධුරයක්  ලැබුණු පළමු අවස්ථාව එය වන බැවින් පූර්වගාමී ඇතැවරයා පුද්ගලික කාර්ය මණ්ඩලයට වාහන ලබා ගත් ක්‍රමවේදය අනුගමනය කරන්නැයි නිලධාරින්ට තමන් උපදෙස් ලබා දුන් බවද කියා සිටි අතර එහිදී හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගේ කාර්ය මණ්ඩලය භාවිතා කළ වාහන සම්බන්ධයෙන් මෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණය පැවැත්වෙන සමයේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් ලබා ගත් වාහන පිළිබඳ තොරතුවා පවා මුල්‍ය අපරාධ කොට්ඨාසයට  ලබා දුන් බවද කියා සිටියේය.
 
එමෙන්ම තමන් සිටින සිරමැදිරිය සහ එහි ඇති අනෙකුත් සිරමැදිරි සවස 5.30 සිට පසුදා උදේ 6.00,6.30 දක්වා වසා දමා අගුළු දමන් බවත්  තමන්ට අදාළ මානුෂිය අවස්ථා සඳහා බන්ධනාගරයෙන් උපකරණ දෙකක් ලබා දෙන බවත් එාවට තම අවශ්‍යතා ඉටු කළ හොත් තමන් රාත්‍රි පහන් කරන්නේ වැසිකිළියක බව දැනෙන හෙයින් තමන් රාත්‍රි ආහාර ලබා නොගන්නා බවත් වතුර අඩුවෙන් පානය කරන බවත් අධිකරණයට කියා සිටි අතර තමන්ට ලබා දෙන ආරක්සාව සම්බන්ධයෙන් අදාළ බලධාරින් දැනුවත් විය යුතු බවද කියා සිටියේය.
 
මෙම කාරණය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභා පනතට අනුව මෙවැනි කාරණා සම්බන්ධයෙන් නියෝග ලබා දීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලතල නොමැති බව පුකාශ කළ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් ලිඛාතව හෝ වාචිකව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට පැමිණිලි කරන ලෙසට සැකකරුට දන්වා සිටියේය.
 
පැමිණිල්ල වෙනුවෙන් මුල්‍ය අපරාධ විමර්හණ ඒකකය පෙනි සිටි අතර දෙවන සැකකරු වෙනුවෙන් ජනාධිපති නිතිඡ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහකා ඇතුලු නිතිඡ මඩුල්ලක් පෙනි සිටියේය.
 
- සුභාෂීණී සේනානායක
 

නව අදහස දක්වන්න